මඩකලපුව ප්‍රදේශයේ සිදුවූ පුද්ගල ඝාතන 5ක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් ‘පිල්ලෙයාන්’ සහ හමුදා බුද්ධි අංශයේ තොරතුරුකරුවන් දෙදෙනෙකු එළඹෙන ඔක්තෝබර් 13 වනදා තෙක් නැවත රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මඩකලපුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (29) නියෝග කළේය.
2008 වසරේදී පොලිස් නිලධාරියෙකු ඇතුළු 5 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගොනු කළ මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී, පිල්ලෙයාන් වීඩියෝ තාක්ෂණය ඔස්සේද අනෙක් සැකකරුවන් දෙදෙනා පෞද්ගලිකවද අධිකරණයට ඉදිරිපත් කෙරිණි.
මීට අමතරව, මෙම නඩුවේ අනෙක් සැකකරු වන ලන්ඩනයේ සැඟව සිටින මොහොමඩ් බෝයිස් නැමැත්තාට එරෙහිව නැවත වරෙන්තු නිකුත් කිරීමටද මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

