විදේශ කටයුතු අමාත්‍යවරයා අද එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය ඇමතීමට සූදානම්.

0
68

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය ඇමතීමට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අද (28) නියමිතව තිබේ. එහිදී අමාත්‍යවරයා විසින් ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිත බව එම අමාත්‍යාංශය සඳහන් කරයි.

“විශ්වාසය යළි ගොඩනැගීම, පරිවර්තනය කළමනාකරණය කිරීම, සැමට ප්‍රතිඵල ලබා දෙන එක්සත් ජාතීන්ගේ සංවිධානයක්” යන්න මෙවර මහා මණ්ඩල සැසිවාරයේ තේමාව වන අතර, ඊට අනුකූලව අමාත්‍යවරයාගේ ප්‍රකාශය සකස් කර ඇත.

මේ අතර, සැසිවාරයට සමගාමීව එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මහතා, එම සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම විදේශයන් රැසක අමාත්‍යවරුන් සමග ද විජිත හේරත් මහතා ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර තිබේ.