බෙංගාල බොක්කේ පීඩන අවපාතය දුර්වල වෙයි: ප්‍රදේශ කිහිපයකට තවදුරටත් වැසි සහ තද සුළං

0
7

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවැති ගැඹුරු පීඩන අවපාතය ක්‍රමයෙන් දුර්වල වී සාමාන්‍ය පීඩන අවපාතයක් බවට පත්වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මේ හේතුවෙන් දිවයිනේ කාලගුණයට එම පද්ධතියෙන් එල්ල වූ බලපෑම අද (25) සිට ක්‍රමයෙන් අඩුවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

කෙසේ වෙතත්, බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ යන පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. එමෙන්ම, එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ට වැඩි තරමක තද වැසි ඇතිවීමේ හැකියාවක් ද පවතී.

මීට අමතරව, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු මැද සහ වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මාතලේ යන දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර 30-40 ත් අතර තරමක තද සුළං ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී තාවකාලිකව ඇතිවන තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here