Metaහි නව AI යෙදුම ChatGPT පරදවයි

0
16

Meta Platforms සමාගම විසින් මෑතකදී හඳුන්වා දුන් ‘Muse’ නම් නව AI යෙදුම එළිදක්වා සති කිහිපයක් ඇතුළත අමෙරිකාවේ Apple App Store හි ජනප්‍රියම නොමිලේ ලබාගත හැකි යෙදුම් අතර ප්‍රථම ස්ථානයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

හුදෙක් ප්‍රශ්නවලට පිළිතුරු දීමට අමතරව විද්‍යුත් තැපැල් යැවීම, සංචාර වෙන්කරවා ගැනීම, දින දර්ශන කළමනාකරණය සහ අන්තර්ජාලයෙන් භාණ්ඩ මිලදී ගැනීම වැනි සැබෑ කාර්යයන් (real tasks) ඉටු කිරීමට ඇති හැකියාව මෙහි සාර්ථකත්වයට හේතු වී ඇත.

යෙදුම වසා දැමූ පසුව පවා පසුබිමින් (background) අදාළ කාර්යයන් සිදු කිරීමේ හැකියාව ඇති Muse, සාමාන්‍ය Chatbot එකකට වඩා සැබෑ පුද්ගලික සහායකයෙකුගේ (personal assistant) අත්දැකීමක් ලබා දෙන බව Meta සමාගම පවසයි. කෙසේ වෙතත්, යෙදුමට ලබා දෙන අවසරයන් (permissions) පාලනය කිරීමේ සහ ඕනෑම මොහොතක ඒවා ඉවත් කිරීමේ පූර්ණ බලය පරිශීලකයා සතුව පවතී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here