දිවයින වටා මුහුදු ප්‍රදේශ රැසකට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් රතු නිවේදනයක්

0
5

ත්‍රිකුණාමලයේ සිට කන්කසන්තුරය සහ මන්නාරම හරහා මීගමුව දක්වා වන මුහුදු තීරයේත්, ගාල්ලේ සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු තීරයේත් සුළඟේ වේගය පැයට කිලෝමීටර 55-65 දක්වා ඉහළ යා හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

මේ හේතුවෙන් එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු හෝ ඉතා රළු විය හැකි අතර, පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ මාතර හරහා පොතුවිල් දක්වා වූ වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල රළ උස මීටර් 2.0ත් 2.5ත් අතර ප්‍රමාණයකින් ඉහළ යාමේ අවදානමක් ද පවතී.

අද (23) පස්වරු 2.00ට නිකුත් කරන ලද මෙම විශේෂ අවවාදාත්මක නිවේදනය හෙට පස්වරු 2.00 දක්වා බලපැවැත්වෙන අතර, අදාළ මුහුදු ප්‍රදේශවල කටයුතුවල නිරත වන ධීවර සහ නාවික ප්‍රජාව මේ පිළිබඳව දැඩි අවධානයෙන් හා සපරික්ෂාකාරීව කටයුතු කරන ලෙස ඉල්ලා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here