අනුරාධපුරයේ ප්‍රදේශ කිහිපයකට අද පැය 8ක ජල කැපුමක්

0
21

කලාවැව ජල පවිත්‍රාගාරයේ සිදු කෙරෙන අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද (23) පෙරවරු 8.30 සිට පස්වරු 4.30 දක්වා පැය 8ක කාලයක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙයි.

ඒ අනුව ඉහළගම, කලාවැව, මරදන්කඩවල, තිරප්පනේ සහ කැකිරාව යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම විසන්ධි කෙරෙනු ඇත.

ජල සැපයුම අත්හිටුවීමෙන් සිදුවන අපහසුතා අවම කරගැනීම සඳහා අවශ්‍ය ජලය කල්තියා රැස් කරගන්නා ලෙසත්, ජල සැපයුම යථා තත්ත්වයට පත් කරන තෙක් ජලය ඉතා අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසත් ජල සම්පාදන මණ්ඩලය පාරිභෝගික ජනතාවගෙන් ඉල්ලා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here