ඉතාලියේ පාසල් තුළ බුර්කා සහ නිකාබ් තහනම් කිරීමට සැරසේ. විදේශීය සිසුන්ගේ සංඛ්‍යාවටත් සීමා.

0
6

ඉතාලියේ පාසල් පද්ධතිය තුළ මුහුණ පූර්ණ ලෙස ආවරණය වන ‘බුර්කා’ (Burqa) සහ ‘නිකාබ්’ (Niqab) පැළඳීම තහනම් කිරීමටත්, එකම පන්ති කාමරයක් තුළ සිටිය හැකි විදේශීය සිසුන් සංඛ්‍යාව සඳහා උපරිම සීමාවක් පැනවීමටත් ඉතාලි රජය තීරණය කර තිබේ.

ඉතාලි අගමැතිනී ජෝර්ජියා මෙලෝනි (Giorgia Meloni) විසින් මෙම තීරණය ප්‍රකාශයට පත් කර ඇත්තේ ඇගේ ‘බ්‍රදර්ස් ඔෆ් ඉටලි’ (Brothers of Italy) පක්ෂයේ තරුණ සම්මේලනය අමතමින්. මෙම නව යෝජනා සපිරි පනත ළඟදීම අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බවද ඇය එහිදී සඳහන් කළාය.

නව යෝජනාවල ඇතුළත් ප්‍රධාන කරුණු:

“සිසුන් පාසලට පැමිණිය යුත්තේ සිය මුහුණ පැහැදිලිව නිරාවරණය වන පරිදිනුයි. සංස්කෘතියේ හෝ ආගමේ නාමයෙන් කිසිම බාලවයස්කාර ගැහැණු දරුවකුගේ මුහුණ බලහත්කාරයෙන් ආවරණය කිරීමට ඉඩ දිය නොහැකියි,” යනුවෙන් අගමැතිනිය අවධාරණය කළාය.

  • විදේශීය සිසුන් සංඛ්‍යාව සීමා කිරීම: එකම පන්ති කාමරයක විදේශීය සිසුන් විශාල සංඛ්‍යාවක් සිටීම නිසා ඉතාලි භාෂාව ඉගෙන ගැනීමට සහ සමාජයට අනුගත වීමට බාධා මතුවන බව අගමැතිනිය පෙන්වා දෙයි. එම නිසා එක් පන්ති කාමරයක සිටිය හැකි විදේශීය සිසුන් සංඛ්‍යාවට යම් සීමාවක් (Cap) පැනවීමට නියමිතය.

  • දෙමාපියන්ටත් භාෂා පුහුණුව අනිවාර්යයි: ඉතාලි භාෂාව හැසිරවීමට අපහසු විදේශීය සිසුන්ගේ දෙමාපියන් සඳහා ද ඉතාලි භාෂා පාඨමාලා හැදෑරීම අනිවාර්ය කිරීමට මෙමගින් යෝජනා කර ඇත.

මෙම නව සම්මත කිරීම් මගින් ඉතාලි සංස්කෘතික අනන්‍යතාව රැකගැනීමටත්, විදේශීය සිසුන් ඉක්මනින් ඉතාලි සමාජයට අනුකලනය කිරීමටත් බලාපොරොත්තු වන බව රජය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here