ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත සම්මත කරගැනීම සඳහා ජනමත විචාරණයක් පැවැත්වීම අවශ්‍ය නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.
පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක විශේෂ බහුතරයකින් පමණක් මෙම පනත් කෙටුම්පත සම්මත කළ හැකි බවට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් එම මතය, අද (22) පාර්ලිමේන්තු සභාවාරය ආරම්භයේදී කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් නිල වශයෙන් සභාවට දැනුම් දෙන ලදී.

