2032 බ්‍රිස්බෙන් ඔලිම්පික් ඔරු පැදීමේ තරග කිඹුලන් 500ක් සිටින ගඟක පැවැත්වීමට තීරණයක්

0
5

2032 බ්‍රිස්බෙන් ඔලිම්පික් උළෙලේ ඔරු පැදීමේ (Rowing) තරග ඉසව් පැවැත්වීම සඳහා කිඹුලන් 500කට අධික සංඛ්‍යාවක් වෙසෙන ඔස්ට්‍රේලියාවේ ක්වින්ස්ලන්ත ප්‍රාන්තයේ ෆිට්ස්රෝයි ගංගාව (Fitzroy River) තෝරාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

තරග සංවිධායකයින් අදාළ ස්ථානයට අනුමැතිය ලබාදීමේදී එම ප්‍රදේශයේ කිඹුල් ගහනය පිළිබඳව විශේෂ අවධානයක් යොමුකර නොමැති බව පැවසෙන අතර, මේ පිළිබඳව අදහස් දක්වමින් 2032 බ්‍රිස්බෙන් ඔලිම්පික් සභාපතිවරයා සඳහන් කර ඇත්තේ මෝරුන් සිටින මුහුදේ සර්ෆින් ක්‍රීඩාව සිදුකරන්නේ නම් කිඹුලන් සිටින ගඟක ඔරු පැදීමේ තරග පැවැත්වීමද ගැටලුවක් නොවන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here