ශ්‍රීලංකන් ගුවන් සමාගමට එයාර්බස් යානා මිලදී ගැනීමේදී රුපියල් මිලියන 100ක අල්ලසක් ලබාගැනීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා නැවතත් මේ මස 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (18) නියෝග කළේය.
අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර මහතා සහ සැකකාර මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා ඉදිරිපත් කළ දීර්ඝ කරුණු සලකා බැලීමෙන් අනතුරුව, නාමල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කර ඇති ඇප ඉල්ලීම පිළිබඳ නියෝගයද එදිනම (29) ප්‍රකාශයට පත් කරන බව මහෙස්ත්‍රාත්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

