ඉරානයේ මිනාබ් නගරයේ පාසලකට සහ ලැමෙර්ඩ් නගරයේ ක්‍රීඩා සංකීර්ණයකට එල්ල වූ මිසයිල ප්‍රහාර දෙකකදී සිවිල් වැසියන් 177 දෙනෙකු මියයාමේ සිද්ධීන් මුල්කරගෙන ඇමෙරිකාව යුද අපරාධ සිදුකර ඇති බව විශ්වාස කිරීමට සාධාරණ පදනමක් පවතින බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥයන් ප්‍රකාශ කර තිබේ.
පෙබරවාරි 28 වනදා මිනාබ් හි Shajareh Tayyebeh පාසලට එල්ල වූ Tomahawk මිසයිල ප්‍රහාරයෙන් සිසුන් 120 දෙනෙකු ඇතුළුව 156 දෙනෙකු මියගොස් ඇති අතර, එම ප්‍රහාරය හමුදා ඉලක්කයක අතුරු ප්‍රතිඵලයක් නොව පාසලම ඉලක්ක කර එල්ල කළ එකක් බවට සාක්ෂි ඇති බව එජා වාර්තාවේ සඳහන් වේ.
ඇමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් සිවිල් ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීම ප්‍රතික්ෂේප කළද, Precision Strike මිසයිල මඟින් සිසුන් 7 දෙනෙකු ඇතුළු 21 දෙනෙකු මියගිය ලැමෙර්ඩ් ප්‍රහාරයද ඇමෙරිකාව විසින් එල්ල කරන ලද අවිධිමත් ප්‍රහාරයක් ලෙස සැලකිය හැකි බව විශේෂඥ කණ්ඩායම පෙන්වා දෙයි.

