ජාත්‍යන්තර විස්සයි20 ක්‍රිකට් ඉතිහාසයේ පූර්ණ සාමාජික (Full Member) රටවල් දෙකක් අතර පැවැති තරගයකදී වේගවත්ම ශතකය වාර්තා කරමින් ඉන්දීය ආරම්භක පිතිකරු අභිෂේක් ෂර්මා අලුත් වාර්තාවක් පිහිටුවීමට සමත් විය.
සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායමට එරෙහිව දිල්ලි හිදී පැවැති තෙවැනි විස්සයි20 තරගයේදී පන්දු 30කින් සිය ශතකය සම්පූර්ණ කළ ඔහු, පන්දුවාර 9.5කදී සංජු සැම්සන් සමඟ පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 142ක සබඳතාවක් ගොඩනැඟීය.
හයේ පහර 11ක් සහ හතරේ පහර 9ක් සමඟින් ලකුණු 108ක් රැස්කළ ෂර්මා, නවසීලන්තයේ ෆින් ඇලන් දකුණු අප්‍රිකාවට එරෙහිව පන්දු 33කින් තබා තිබූ පෙර වාර්තාව බිඳහෙළීමට සමත් විය.

