නිමාවට පත් වූ අල්ටිමේට් ශූරතාවලියේදී ප්‍රසාද ලකුණු 1423ක් ලබා ගනිමින් දැක්වූ විශිෂ්ට දක්ෂතා හේතුවෙන්, ලෝක සමස්ත මළල ක්‍රීඩා ශ්‍රේණිගත කිරීම්වල 13 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකාවේ හෙල්ල විසි කිරීමේ ශූර රුමේෂ් තරංග සමත්ව තිබේ.
පසුගිය සැප්තැම්බර් 01 වන දින යාවත්කාලීන කළ ශ්‍රේණිගත කිරීම්වල 25 වන ස්ථානයේ පසුවූ ඔහු ලබාගත් මෙම ඉදිරිපියවර කැපී පෙනෙයි.
මෙම ලෝක ශ්‍රේණිගත කිරීම්වල මුල් ස්ථාන 100 ඇතුළත හෙල්ල විසි කිරීමේ ක්‍රීඩකයින් දෙදෙනෙකු පමණක් රැඳී සිටීම විශේෂත්වයක් වන අතර, එහි 62 වන ස්ථානයේ ග්‍රෙනේඩාවේ ඇන්ඩර්සන් පීටර්ස් පසුවෙයි.

