අවුරුදු 13ට අඩු ළමයින්ට සමාජ මාධ්‍ය සහ AI තහනම් කිරීමට යුරෝපීය සංගමයෙන් යෝජනාවක්

0
16

වයස අවුරුදු 13ට අඩු ළමයින්ට සමාජ මාධ්‍ය, අන්තර්ජාල ක්‍රීඩා සහ AI චැට්බොට් (Chatbots) භාවිත කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කිරීමේ වැදගත් යෝජනාවක් යුරෝපීය කොමිසමේ සභාපතිනී ඌර්සුලා ෆොන් ඩර් ලේයන් විසින් ඉදිරිපත් කර තිබේ.

එමෙන්ම, අවුරුදු 13ත් 15ත් අතර ළමුන් සඳහා දෙමාපිය අධීක්ෂණය යටතේ පවත්වාගෙන යන විශේෂ “Mini Accounts” පමණක් භාවිත කිරීමට නිර්දේශ කර ඇත.

අන්තර්ජාලය තුළ පවතින ඇබ්බැහි කරවන අංග, හානිකර අන්තර්ගතයන් සහ AI මඟින් නිර්මාණය කරන අසභ්‍ය ඡායාරූප වැනි තර්ජනවලින් ළමා පරපුර ආරක්ෂා කරගැනීම මෙහි ප්‍රධාන අරමුණ වන අතර, මෙම යෝජනාව සම්බන්ධයෙන් යුරෝපීය සංගමයේ සාමාජික රටවල් 27 ඉදිරියේදී ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here