ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබන විදේශීය සිසුන්ට ඔවුන්ගේ ස්වාමිපුරුෂයා, බිරිඳ හෝ දරුවන් එරටට ගෙන ඒම තහනම් කිරීමට ඔස්ට්‍රේලියානු රජය තීරණය කර තිබේ.
මීට අමතරව තාවකාලික වීසා මත සිටින පිරිසට වෙනත් වීසා කාණ්ඩ වෙත මාරුවීම සඳහා වන නීති රීතිද දැඩි කිරීමට පියවර ගෙන ඇත.
වසරකට 300,000ක් පමණ වන විදේශීය සංක්‍රමණිකයන් සංඛ්‍යාව 2028 වන විට 225,000 දක්වා අඩුවෙන් පවත්වා ගැනීම ඉලක්ක කරගනිමින් මෙම නව සංක්‍රමණික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන බව ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු අමාත්‍ය ටෝනි බර්ක් (Tony Burke) විසින් නිල වශයෙන් දැනුම්දීමට නියමිතය.
පවතින නීති යටතේ විදෙස් සිසුන්ගේ සහකරුවන්ට රැකියාවල නිරතවීමට සහ වයස අවුරුදු 18ට අඩු දරුවන් ගෙන්වා ගැනීමට අවස්ථාව හිමිව තිබුණි.

