එංගලන්තයට එරෙහිව පැවැති පළමු පන්දුවාර 20 තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්වීමට ප්‍රධාන හේතුව සැලසුම් නිසි ලෙස ක්‍රියාත්මක නොකිරීම බව ශ්‍රී ලංකා නායක චරිත් අසලංක තරගයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.
එංගලන්තය ලබා දුන් ලකුණු 255ක දැවැන්ත ජයග්‍රාහී ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා පිලට පන්දුවාර 19ක් තුළ සියල්ලන් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 135ක් පමණි.
ශ්‍රී ලංකා ඉනිමේදී මුහුණ දුන් පන්දුවාර 19 තුළ කිසිදු ලකුණක් ලබා නොගත් පන්දු (Dot balls) 61ක් පැවතීම කැපී පෙනෙන දුර්වලතාවක් වූ අතර, මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කිසිදු නිල අනුග්‍රාහකයෙකු ඉදිරිපත් වී නොතිබීමද විශේෂත්වයක් විය.

