AI තාක්ෂනය ගැන අනතුරු ඇඟවීමක්

0
25

ශ්‍රී ලංකාවේ දරුවන්ගේ අයිතිවාසිකම්, ආරක්ෂාව, අධ්‍යාපනය, සෞඛ්‍යය සහ සමස්ත යහපැවැත්ම පිළිබඳ සමාජ අවධානය සක්‍රියව යොමු කිරීමේ අරමුණින් සෑම වසරකම ඔක්තෝබර් 01 වන දිනට යෙදෙන ජාතික ළමා දිනයට සමගාමීව, විශේෂ ‘ළමා දින ජාතික සතියක්’ ප්‍රකාශයට පත් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව 2026 සැප්තැම්බර් 25 වන දින සිට ඔක්තෝබර් 01 වන දින දක්වා කාලය තුළ දිවයින පුරා විශේෂ සංවර්ධන හා දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

වර්තමාන සංකීර්ණ සමාජ සහ ආර්ථික පරිසරය හමුවේ දරුවන් මුහුණ දෙන අභියෝග සාම්ප්‍රදායික ළමා ආරක්ෂණ සීමාවන් ඉක්මවා ගොස් ඇති බව නිරීක්ෂණය කර තිබේ. විශේෂයෙන්ම අන්තර්ජාලය හා ඩිජිටල් තාක්ෂණය ආශ්‍රිත අවදානම්, මානසික හා සමාජයීය පීඩනයන්, නොසලකා හැරීම් මෙන්ම විවිධ සමාජ-ආර්ථික ගැටලු හේතුවෙන් දරුවන් දැඩි අවදානමකට ලක්වන බැවින්, මෙම අභියෝගයන්ට සාර්ථකව මුහුණ දීමට ප්‍රජාව බලගැන්වීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණයි.

මෙම අභියෝග ජයගැනීම උදෙසා දරුවන්ගේ පමණක් නොව, දෙමාපියන්, ගුරුවරුන්, රාජ්‍ය නිලධාරීන් සහ පොදු මහජනතාව ඇතුළු දරුවන් සමඟ නිරන්තරයෙන් කටයුතු කරන සියලු පාර්ශ්වයන්ගේ දැනුවත්භාවය සහ සමාජ සංවේදීතාව වර්ධනය කිරීම අත්‍යවශ්‍ය වේ. එබැවින්, ළමා අයිතිවාසිකම් තහවුරු කිරීම, ළමා ආරක්ෂාව වෙනුවෙන් ප්‍රජා සහභාගිත්වය වැඩිදියුණු කිරීම සහ ආරක්ෂිත වටපිටාවක් නිර්මාණය කිරීම උදෙසා මෙම ජාතික සතිය පුරා දිවයින පුරා විශේෂ වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here