හෝමුස් සමුද්‍ර සන්ධියට දකුණින් පිහිටි තහනම් කලාපයක් හරහා ගමන් කිරීමට උත්සාහ කිරීමේදී, නාවික බෝම්බවල (naval mines) ගැටීමෙන් විශාල ප්‍රමාණයේ තෙල් නෞකාවක ගින්නක් හටගත් බව ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) පවසයි.
එහෙත් අමෙරිකානු මධ්‍යම බලකාය (CENTCOM) මෙම ප්‍රකාශය පූර්ණ ලෙස ප්‍රතික්ෂේප කරයි. පැනමා ධජය යටතේ යාත්‍රා කළ ‘ඊ.අයි. ගයියා’ (E.I. Gaia) නමැති අදාළ තෙල් නෞකාව පසුගිය මාසයේදී ඉරානය එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් අක්‍රිය වී තිබූ එකක් බවත්, පසුගිය සති අන්තයේ ඕමාන වෙරළට ඔබ්බෙන්දී ඊට නැවතත් ප්‍රහාර එල්ල කළේ ඉරානය විසින්ම බවත් අමෙරිකානු මධ්‍යම බලකාය වැඩිදුරටත් සඳහන් කරයි.

