චමින්ද වාස් ඩෙල්හි කැපිටල්ස් වේගපන්දු පුහුණුකරු ධුරයට

0
15

ශ්‍රී ලංකා හිටපු සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක චමින්ද වාස් එළැඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියේ දී ඩෙල්හි කැපිටල්ස් කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු ලෙස පත් කර ඇති බව වාර්තා වන අතර, මෙම පත්වීම ස්ථිර වුවහොත් ඔහු IPL තරගාවලියක පුහුණුකාරී තනතුරකට එක්වන පළමු අවස්තාව බවට පත්වනු ඇත.

සෞරව් ගංගුලිගේ ප්‍රධාන පුහුණුකාරිත්වයෙන් යුත් ඩෙල්හි කැපිටල්ස් හි නව පුහුණුකාර මණ්ඩලයට හිටපු ඉන්දීය ක්‍රීඩකයින් වන යුවරාජ් සිං සහ අමිත් මිශ්රා ද ඇතුළත් වන බව පැවසේ.

ටෙස්ට් කඩුලු 355ක් සහ එක්දින කඩුලු 400ක් දවාගනිමින් ශ්‍රී ලංකාවේ සාර්ථකම වේගපන්දු යවන්නා වූ වාස්, 2008 සිට 2010 දක්වා ඩෙකෑන් චාජර්ස් කණ්ඩායම වෙනුවෙන් තරග කරමින් IPL අත්දැකීම් ලබා ඇති අතර, මේ වන විට 52 හැවිරිදි වියේ පසුවන ඔහු ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම, නවසීලන්තය සහ 2016 T20 ලෝක කුසලානයේදී අයර්ලන්ත කණ්ඩායම ද ඇතුළුව ජාත්‍යන්තර මට්ටමේ පුහුණුකාරිත්ව සහ උපදේශන අත්දැකීම් රැසක් සතු ප්‍රබල ක්‍රීඩකයෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here