වැසි සහිත කාලගුණයත් සමග ඩෙංගු අවදානම ඉහළට

0
16

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයින පුරා නැවතත් ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක් මතුව ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා පවසයි.

මේ වන විට රට පුරා ඩෙංගු රෝගීන් 97,634 දෙනෙකු වාර්තා වී ඇති අතර, ජීවිතක්ෂයට පත්ව ඇති සංඛ්‍යාව 74කි.

මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා දිවයිනේ ප්‍රධාන පළාත් කිහිපයක තෝරාගත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 62ක් ආවරණය වන පරිදි විශේෂ ඩෙංගු මර්දන සතියක් සංවිධානය කර ඇත. ඊයේ (14) ආරම්භ වූ මෙම වැඩසටහන ලබන 19 වැනිදා දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here