කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (15) පූර්වාහ්න 10.00 ට නිකුත් කරන ලද ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනය පස්වරු 11.30 දක්වා බලපැවැත්වේ.
මෙම නිවේදනයට අනුව උතුරු-මැද, වයඹ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු යන පළාත්වලට මෙන්ම අම්පාර, මඩකලපුව, වවුනියා සහ මන්නාරම යන දිස්ත්‍රික්කවලට අකුණු අනතුරු සිදුවීමේ ඉහළ අවදානමක් පවතී.
විශේෂයෙන්ම සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී මෙම ප්‍රදේශවල තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
එසේම, ගිගුරුම් සහිත වැසි සමග තාවකාලිකව තද සුළං ද ඇතිවිය හැකි බැවින්, අකුණු සහ සුළං මගින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පූර්වාරක්ෂිත පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.

