පුෂ්පිකාගේ කිරුළ ගැලවූ නඩුවෙන් කැරොලයින් ජූරි සහ චූලා පද්මේන්ද්‍ර නිදොස් කොට නිදහස්

0
19

කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී 2021 වසරේ පැවැති විවාහක රූ රැජිණ අවසන් මහා තරගයේදී, පුෂ්පිකා ද සිල්වා මහත්මිය පැළඳ සිටි කිරුළ බලහත්කාරයෙන් ගැලවීම සහ පහරදීම ඇතුළු චෝදනා ලබා සිටි කැරොලයින් ජූරි සහ චූලා පද්මේන්ද්‍ර යන මහත්මීන් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා මෙම තීන්දුව ලබා දෙමින් සඳහන් කළේ, විත්තිකාරියන්ට එරෙහිව නැගූ චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිලි පාර්ශ්වය අසමත් වූ බවයි.

එමෙන්ම විත්තිකාර චූලා පද්මේන්ද්‍ර මහත්මිය මේ වන විට මියගොස් ඇති බවද අධිකරණය හමුවේ වාර්තා වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here