කහටගස්දිගිලිය වැවකදී අකුණු සැර වැදීඑක් අයෙකු මරුට. තවත් දෙදෙනෙකුට තුවාල

0
18

කහටගස්දිගිලිය, ලුල්නෑව වැවෙහි මාළු අල්ලමින් සිටි පුද්ගලයින් තිදෙනෙකුට අකුණු සැර වැදීමෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.

ඊයේ (13) පස්වරු 4.45 ට පමණ සිදුවූ මෙම අනතුරින් මියගොස් ඇත්තේ බේත්කෑව ප්‍රදේශයේ පදිංචිව සිටි, වෛද්‍ය හේතූන් මත යුද හමුදාවෙන් විශ්‍රාම ලබා සිටි 41 හැවිරිදි පුද්ගලයෙකි.

අනතුරින් තුවාල ලැබූ අනෙක් පුද්ගලයින් දෙදෙනා ප්‍රදේශවාසීන් විසින් කහටගස්දිගිලිය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා ඇත. සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන කහටගස්දිගිලිය පොලිසිය මගින් සිදු කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here