හංගේරියාවේ බුඩාපේස්ට් නුවර පැවැති වර්ල්ඩ් අල්ටිමේට් මලල ක්‍රීඩා ශූරතාවලියේ (World Athletics Ultimate Championship) හෙල්ල විසිකිරීමේ අවසන් තරගයෙන් ප්‍රථම ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.
මෙරට වේලාවෙන් ඊයේ (13) රාත්‍රියේ පැවැති මෙම ඉසව්වේදී මීටර් 91.09ක ප්‍රබල විසි කිරීමක් වාර්තා කළ ඔහු, දෙවන ස්ථානය හිමිකරගත් ග්‍රෙනේඩාවේ ඇන්ඩර්සන් පීටර්ස් හට වඩා මීටර් 4.91ක සැලකිය යුතු පරතරයක් තබා ගනිමින් මෙම අතිවිශිෂ්ට ජයග්‍රහණය තහවුරු කර ගත්තේය.
ජර්මනියේ ජුලියන් වෙබර් සහ පාකිස්තානයේ අර්ෂාඩ් නදීම් වැනි ලොව සුපිරි ක්‍රීඩකයින් අභිබවා යමින් රුමේෂ් තරංග ලබාගත් මෙම ජයග්‍රහණය, ජාත්‍යන්තර මලල ක්‍රීඩා පිටියේ ශ්‍රී ලංකාව ලැබූ තවත් ඓතිහාසික ජයග්‍රහණයකි.

