ඉරානය සහ අමෙරිකාව අතර හමුදාමය නොසන්සුන්තාව හේතුවෙන් සතියකට ආසන්න කාලයක් අඛණ්ඩව ඉහළ යමින් පැවැති ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන්හි යම් පහළ යෑමක් සටහන් වී තිබේ.
තෙල් මිල ගණන්වල වෙනස්වීම්:
- බ්‍රෙන්ට් (Brent) බොරතෙල්: ඊයේ (11) උදෑසන ඩොලර් 108 සීමාව ඉක්මවා ගොස් තිබූ බැරලයක මිල අද වන විට ඩොලර් 104.61 දක්වා අඩුවී ඇත.
- ඩබ්ලිව්.ටී.අයි. (WTI) බොරතෙල්: ඊයේ පැවැති ඩොලර් 103.34 ක මිල අද වන විට ඩොලර් 100.05 දක්වා පහත වැටී තිබේ.
- මර්බන් (Murban) බොරතෙල්: බැරලයක මිල ඊයේ සටහන් වූ ඩොලර් 122.48 සිට අද වන විට ඩොලර් 119.46 දක්වා අඩුවී ඇත.
හෝමූස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂාව සහ පවතින තත්ත්වය පිළිබඳව තීරණාත්මක සාකච්ඡා පැවැත්වීම සඳහා ඉරාන නියෝජිත පිරිසක් ඕමානය බලා පිටත්ව යන බවට ඉරාන රාජ්‍ය මාධ්‍ය කළ අනාවරණය මෙලෙස මිල ගණන් පහළ යෑමට ප්‍රධාන වශයෙන් හේතු වී තිබේ.
ගල්ෆ් කලාපයේ තවත් රටවල් කිහිපයක නියෝජිතයන් ද මෙම සාකච්ඡා සඳහා එක්වීමට නියමිතය.

