පාකිස්ථාන සංචාරයට පෙර ශ්‍රී ලංකා ටෙස්ට් නායකත්වය වෙනස්වන ලකුණු

0
5

ඉදිරියේදී පැවැත්වීමට නියමිත පාකිස්ථාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම සඳහා නව නායකයෙකු පත් කිරීම කෙරෙහි ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ.

වත්මන් ටෙස්ට් නායක ධනංජය ද සිල්වා පසුගිය තරග කිහිපයේදී පන්දුවෙන් සහ පිත්තෙන් පූර්ණ දක්ෂතා අතරට පැමිණීමට අපොහොසත් වීම මෙන්ම, ටෙස්ට් කණ්ඩායමේ සමස්ත තත්ත්වය පහත වැටීම ද මීට ප්‍රධාන හේතුවක් වී තිබේ.

අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ, පවතින තත්ත්වය හමුවේ දැනට එක්දින සහ විස්සයි-20 කණ්ඩායම් මෙහෙයවන කුසල් මෙන්ඩිස් හට හෝ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක දිනේෂ් චන්දිමාල් හට ටෙස්ට් නායකත්වය පැවරීම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා වෙමින් පවතින බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here