පාකිස්ථානයේ දරිද්‍රතාව සහ රැකියා වියුක්තිය ශීඝ්‍රයෙන් ඉහළට

0
12

පාකිස්ථානය මුහුණ දෙන ප්‍රධානතම අභියෝගයක් වන දරිද්‍රතාව සහ රැකියා වියුක්තිය ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව එරට 2025-26 ආර්ථික සමීක්ෂණ වාර්තාව පෙන්වා දෙයි.

අදාළ වාර්තාවට අනුව, පාකිස්ථානයේ ජාතික දරිද්‍රතා අනුපාතිකය මේ වසරේදී 21.9% සිට 28.9% දක්වා වර්ධනය වී තිබේ. පළාත් මට්ටමින් ගත් කල පන්ජාබ් (23.3%), සින්ද් (32.6%) සහ ඛයිබර් පක්තුන්ක්වා (35.3%) යන පළාත්වල දරිද්‍රතාව ඉහළ ගොස් ඇති අතර, ඉහළම දරිද්‍රතා අනුපාතිකය ලෙස 47%ක් බලුචිස්ථාන පළාතෙන් වාර්තා වේ.

මීට අමතරව එරට රැකියා විරහිත පුද්ගලයින් සංඛ්‍යාව මිලියන 4.5 සිට මිලියන 5.9 දක්වා ඉහළ ගොස් ඇති අතර, රැකියා වියුක්ති අනුපාතය 6.3% සිට 7.1% දක්වා වැඩි වී ඇත. උපාධිධාරීන්ගේ සුදුසුකම් සහ පවතින රැකියා වෙළෙඳපොළ අවශ්‍යතා අතර පවතින පරතරය මෙන්ම නව රැකියා උත්පාදනය මන්දගාමී වීම මෙම තත්ත්වයට ප්‍රධාන හේතු වී ඇති බව අදාළ වාර්තාව වැඩිදුරටත් අවධාරණය කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here