18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට

0
16

18 වැනි BRICS රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතා ඉන්දියාවේ නවදිල්ලි නුවර වෙත පැමිණ තිබේ. නවදිල්ලියට පැමිණි රුසියානු ජනාධිපතිවරයාව ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය කීර්ති වර්ධන් සිං මහතා විසින් පිළිගෙන ඇත.

BRICS සංවිධානයේ 20 වැනි සංවත්සරය සැමරෙන පසුබිමක පැවැත්වෙන මෙවර ප්‍රධාන සමුළුව හෙට (12) සහ අනිද්දා (13) දෙදින පුරා නවදිල්ලි නුවරදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

සිය සංචාරය අතරතුර ජනාධිපති පුටින් අද (11) ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවී වෙළෙඳ සහයෝගීතාව, දේශසීමා හරහා ගෙවීම් ක්‍රමවේද සහ බලශක්ති ආරක්ෂාව පිළිබඳ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතයි. මීට අමතරව ඔහු BRICS ව්‍යාපාරික සංසදය ඇමතීමටත්, මැලේසියාව, දකුණු අප්‍රිකාව සහ ඉතියෝපියාව ඇතුළු රටවල නායකයින් සමඟ විශේෂ සාකච්ඡා පැවැත්වීමටත් නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here