දිට්වා සුළි කුණාටුව පිළිබඳ පාර්ලිමේන්තු විශේෂ කාරක සභා වාර්තාවට දෙසැම්බර් 19 දක්වා කල් හිමිවෙයි

0
8

දිට්වා සුළි කුණාටුවට මුහුණ දීම සඳහා පූර්ව සූදානමක් නොමැති වීම සම්බන්ධයෙන් පූර්ණ අධ්‍යයනයක් සිදු කර වාර්තා කිරීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට ලබා දී තිබූ කාල සීමාව දෙසැම්බර් 19 වනදා දක්වා දීර්ඝ කිරීමට පියවර ගෙන තිබේ.

පාර්ලිමේන්තු සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවකට අනුව මෙම කාලය දීර්ඝ කිරීම සිදු කර ඇත. 2026 ජනවාරි 21 දින පාර්ලිමේන්තුව සම්මත කළ යෝජනාවට අනුව කාරක සභාව මඟින් අනාවරණය කරගත් කරුණු සහ නිර්දේශ වාර්තා කිරීමට තවදුරටත් කාලය අවශ්‍ය වීම මෙයට හේතුවයි.

ඒ අනුව, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 102 හි ප්‍රතිපාදන ප්‍රකාරව අදාළ විශේෂ කාරක සභාව විසින් සිය අවසාන වාර්තාව ඉදිරිපත් කිරීම සඳහා මෙලෙස කාලය දීර්ඝ කර දී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here