මෙරට ක්‍රීඩා බලධාරීන්ගේ නොහැකියාව සහ පරිපාලනමය දුර්වලතා හේතුවෙන් ඉදිරි 19 වැනිදා ජපානයේදී පැවැත්වීමට නියමිත ආසියානු ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා ඉසව් කිහිපයක් සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහභාගී වීමේ අවස්ථාව අහිමි වී යාමේ තත්ත්වයක් මතුව තිබේ.
නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවමින් මෙවර ආසියානු ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලැබූ පිරිමි මීටර් 100 සහය දිවීමේ කණ්ඩායමේ එක් ක්‍රීඩකයෙකු ආබාධයකට ලක්ව ඇති අතර, අතිරේක ක්‍රීඩකයෙකු නම් කිරීමට බලධාරීන් අපොහොසත් වීම නිසා එම ඉසව්වට සහභාගී වීම අවිනිශ්චිත වී ඇත. එම අඩුව පිරවීම සඳහා මීටර් 110 කඩුලු පැනීමේ ඉසව්වේ ක්‍රීඩකයෙකු යෙදවීමට බලධාරීන් ගෙන ඇති තීරණය දැඩි කතාබහට ලක්ව තිබේ.
මීට අමතරව, ආසියානු ශ්‍රේණිගත කිරීම්වල 4 වැනි ස්ථානයේ පසුවන ශ්‍රී ලංකා මීටර් 100 මිශ්‍ර සහය දිවීමේ කණ්ඩායම නිසි පරිදි තරගාවලිය සඳහා ලියාපදිංචි කිරීමට ක්‍රීඩා බලධාරීන් අතින් සිදුවූ පැහැර හැරීම හේතුවෙන් එම කණ්ඩායමට ද මෙවර ආසියානු ක්‍රීඩා උළෙලට නියෝජනය කිරීමේ අවස්ථාව අහිමි වී ඇත.

