තෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික ගිවිසුම් තුනකට අත්සන් තබා ඇත.
සංචාරයේ පියවරක් ලෙස ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා අද (09) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවී සාකච්ඡා පැවැත්වීය.
මේ අතර, දිවයිනට පැමිණි ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා පිළිගැනීමේ විශේෂ උත්සවයක් ඊයේ පස්වරුවේ කොළඹදී පැවැත්වුණු අතර, ඒ සඳහා මැති ඇමතිවරුන්, ආණ්ඩුකාරවරුන්, ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ෂා මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
එහිදී අදහස් දැක්වූ රාජ්‍යතාන්ත්‍රිකයන්:
-
සන්තෝෂ් ෂා (ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්): මෙය ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයාගේ පළමු ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සංචාරය වන අතර, එය දෙරට අතර සබඳතාවල වැදගත් සන්ධිස්ථානයක් සලකුණු කරයි. මෑතකදී සිදු වූ රාජ්‍යතාන්ත්‍රික හුවමාරු හරහා දෙරට අතර සබඳතාවලට නව ජවයක් සහ ශක්තියක් ලැබී ඇත.
-
රාජ්නාත් සිං (ඉන්දීය ආරක්ෂක අමාත්‍ය): ශ්‍රී ලංකාව මුහුණ දෙන ඕනෑම අර්බුදයකදී සහාය වීමට ඉන්දියාව සැමවිටම සූදානම්. දෙරට අතර ඇති දීර්ඝකාලීන සංස්කෘතික හා ශිෂ්ටාචාරමය සබඳතා මෙම හවුල්කාරිත්වයට ශක්තිමත් පදනමක් සපයන අතර, දෙරට අතර යාකරන පාලමක් ලෙස ක්‍රියාකරන ඉන්දීය ඩයස්පෝරාවේ කාර්යභාරය ද මෙහිදී අගය කළ යුතුය.

