මේ වසරේ ගෙවුණු කාලය තුළ මෙරටින් වාර්තා වන සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 96,482 දක්වා ඉහළ ගොස් ඇති අතර, ඩෙංගු වැළඳීමෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව 73ක් ලෙස සටහන් වේ.
ජාතික ඩෙංගු මර්දන ඒකකයට අනුව, සැප්තැම්බර් මාසයේ මුල් දින හය තුළ වාර්තා වී ඇත්තේ රෝගීන් 991 දෙනෙකු පමණක් වන බැවින් වත්මන් රෝගීන් වාර්තා වීම සාපේක්ෂව පහළ අගයක් ගනී.
කෙසේ වෙතත්, වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන ගම්පහ දිස්ත්‍රික්කයෙන් මේ වන විට රෝගීන් 20,527 දෙනෙකු හඳුනාගෙන තිබේ.

