මුස්ලිම් ආගමික පාරිභාෂික ශබ්දමාලාව සම්පාදනය කිරීමේ පළමු සාකච්ඡාව පැවැත්වෙයි

0
5

ඉංග්‍රීසි, සිංහල සහ දෙමළ භාෂාවලින් සමන්විත ත්‍රෛභාෂික මුස්ලිම් ආගමික පාරිභාෂික ශබ්දමාලාවක් (Trilingual Glossary of Islamic Terminologies) සම්පාදනය කිරීමේ පළමු සාකච්ඡාව 2026 අගෝස්තු 19 වන දින බේරුවල නලීමියා ඉස්ලාමීය අධ්‍යයන ආයතනයේ (NIIS) සභාගැබේදී පැවැත්විණි.

ශ්‍රී ලංකාව තුළ සම්පූර්ණ වූ සහ ප්‍රමිතියෙන් යුත් මුස්ලිම් ආගමික පාරිභාෂික ශබ්දමාලාවක ඇති වැදගත්කම සහ අවශ්‍යතාව හඳුනාගනිමින්, රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව විසින් නලීමියා ඉස්ලාමීය අධ්‍යයන ආයතනය හා එක්ව මෙම ව්‍යාපෘතිය ආරම්භ කර ඇත.

මෙම ශබ්දමාලාව මගින් මූලික ඉස්ලාමීය සංකල්ප, ආගමික වතාවත් මෙන්ම ඉස්ලාමීය සංස්කෘතියට සහ උරුමයට අදාළ පාරිභාෂික වචන ආවරණය කිරීමට නියමිතය. මෙය ඉස්ලාමීය අධ්‍යාපනය, අධ්‍යයන පර්යේෂණ, පරිවර්තන කටයුතු, රාජ්‍ය සන්නිවේදනය සහ සාමාන්‍ය ජනතාවගේ භාවිතය සඳහා ඉතා අගනා මූලාශ්‍රයක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ සහ නලීමියා ආයතනයේ නියෝජිතයින් මෙම සාකච්ඡාවට එක්වෙමින් ශබ්දමාලාවේ සීමාවන්, ක්‍රමවේදය සහ සම්පාදනය කිරීමේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කළහ.

ආයතනය සහභාගී වූ නියෝජිතයින්
රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව සහ විශ්වවිද්‍යාල නියෝජිතයින්

ආචාර්ය ධම්මික ජයසිංහ – සිංහල අධ්‍යයන අංශය, රුහුණ විශ්වවිද්‍යාලය


තරංගනී රේසිකා මෙනවිය – සංවර්ධන නිලධාරී, ශබ්දමාලා සම්පාදන ඒකකය


සංක සොඳුරුවිල මහතා – සංවර්ධන නිලධාරී, භාෂා පර්යේෂණ අංශය


ජයනි අබේකෝන් මෙනවිය – සංවර්ධන නිලධාරී, ශබ්දමාලා සම්පාදන ඒකකය

නලීමියා ඉස්ලාමීය අධ්‍යයන ආයතනය

ආචාර්ය අෂ්-ෂේක් A.P.M. අබ්බාස්


ආචාර්ය අෂ්-ෂේක් M.R.M. අර්කාම්


අෂ්-ෂේක් හසන් මුරාද්


අෂ්-ෂේක් M.L.M. රිනාස්

මෙම අවස්ථාව සඳහා නලීමියා ඉස්ලාමීය අධ්‍යයන ආයතනයේ කුලපති (Rector) තුමන්ද සහභාගී විය.

කාලෝචිත වූ මෙන්ම වැදගත් වූ මෙම පියවර ගැන අගය කරන නලීමියා ආයතනය, මෙම ව්‍යාපෘතිය සාර්ථකව නිම කිරීම සඳහා රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව සමඟ ඉදිරියටත් සහයෝගයෙන් කටයුතු කිරීමට බලාපොරොත්තු වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here