චීනයේ PALLAS-1 Y1 රොකට්ටුවේ පළමු අභ්‍යවකාශ ගමන සාර්ථකයි

0
5

චීන වාණිජ අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් PALLAS-1 Y1 වාහක රොකට්ටුව සිය ප්‍රථම අභ්‍යවකාශ මෙහෙයුම සාර්ථකව නිම කර තිබේ.

අද (01) උදෑසන 10.00ට (බෙයිජිං වේලාවෙන්) වයඹදිග චීනයේ ඩොංෆෙං වාණිජ අභ්‍යවකාශ නවෝත්පාදන නියමු කලාපයෙන් මෙම රොකට්ටුව අභ්‍යවකාශගත කෙරිණි.

කිසිදු බාධාවකින් තොරව නියමිත පරිදි ගමන් කළ රොකට්ටුව, එහි ප්‍රථම පරීක්ෂණ අරමුණු සියල්ල සාර්ථකව ඉටු කරගත් බව බලධාරීන් තහවුරු කරයි.

මෙම සාර්ථක ප්‍රවේශය චීනයේ අනාගත වාණිජ අභ්‍යවකාශ ගමන් සඳහා නව මාවතක් විවර කිරීමට සමත්ව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here