එංගලන්තයට එරෙහි එක්දින තරගාවලියට දසුන් ශානක නැවත කැඳවයි

0
12

එංගලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිත එක්දින තරගාවලිය සඳහා ක්‍රීඩක දසුන් ශානක නැවතත් ශ්‍රී ලංකා සංචිතයට කැඳවීමට තීරණය කර තිබේ.

2024 ජනවාරි මාසයේදී කොළඹදී පැවති සිම්බාබ්වේ තරගාවලියෙන් පසු ඔහු එක්දින තරගයක් සඳහා ක්‍රීඩා කර නොමැති අතර, ඉන් අනතුරුව ඔහු නියෝජනය කළේ විස්සයි-20 තරග පමණි.

මේ අතර, ආබාධ හේතුවෙන් ඉන්දියාවට එරෙහි ටෙස්ට් තරගාවලිය අහිමි වූ නායක කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංක ද මෙම එංගලන්ත සංචාරයට එක්වීමට නියමිත බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි.

විස්සයි-20 සහ එක්දින තරග 3 බැගින් අඩංගු මෙම තරග සංචාරය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ලබන මාසයේදී එංගලන්තය බලා පිටත්ව යනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here