ආණ්ඩු පක්ෂය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ගොනු කර ඇති පෙත්සම් සලකා බැලීම හෙට (01) සිදු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.
අගවිනිසුරු ප්‍රීති පද්මන් සුරසේන මහතාගේ සභාපතිත්වයෙන් යුතු පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම් විභාගයට ගැනීමට නියමිතය.
අචල වෙංගප්පුලි, අර්ජුන ඔබේසේකර, සම්පත් අබේකෝන් සහ ගිහාන් කුලතුංග යන විනිසුරුවරුන් සෙසු සාමාජිකයන් ලෙස මෙම විනිසුරු මඩුල්ල නියෝජනය කරති.

