නේපාල ජලගැලීමෙන් සිදුවූ මරණ 600 පනී

0
10

හිමාල කඳුවැටියේ ග්ලැසියර කොටසක් කඩාවැටීමෙන් නේපාලයේ ඇති වූ විනාශකාරී ජල ගැලීමෙන් මියගිය සංඛ්‍යාව 626 දක්වා ඉහළ ගොස් ඇති බව නේපාල පොලිසිය තහවුරු කර ඇති අතර, පුද්ගලයින් 1,924 දෙනෙකු තවමත් අතුරුදහන්ව සිටින බව එරට ආපදා කළමනාකරණ අධිකාරිය සඳහන් කරයි.

මුලින් විදේශීය ගලවාගැනීමේ කණ්ඩායම්වල සහාය නොමැතිව තමන් විසින්ම මෙහෙයුම් සම්බන්ධීකරණය කිරීමට නේපාල විදේශ කටයුතු අමාත්‍යාංශය තීරණය කර තිබුණද, අතුරුදහන් වූවන් අතර විදේශිකයන් ද සිටීම හේතුවෙන් එල්ල වූ රාජ්‍යතාන්ත්‍රික බලපෑම් හමුවේ එම තීරණය වෙනස් කිරීමට නේපාල රජයට සිදුවිය.

ඒ අනුව, සංකීර්ණ උමං මාර්ගවල සිරවී සිටින පිරිස් මුදාගැනීමේ මෙහෙයුම් සඳහා මෙන්ම මළ සිරුරු හඳුනාගැනීමේ තාක්ෂණික කටයුතු සඳහා ද ජාත්‍යන්තර විශේෂඥ කණ්ඩායම්වලට නේපාල බලධාරීන් මේ වන විට අවසර ලබාදී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here