පිටි ආශ්‍රිත ආහාරවල මිල රුපියල් 5කින් ඉහළට

0
7
පිටි මිල ඉහළ දැමීමට සාපේක්ෂව රොටි, පරාටා සහ කෙටි ආහාර ඇතුළු පිටි ආශ්‍රිත ආහාරවල මිල රුපියල් 5කින් ඉහළ දැමීමට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කරයි..
ඒ අනුව මෙම මිල වැඩි කිරීම අද (29) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි එම සංගමය පැවසීය.
අද උදෑසන තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 17කින් ඉහළ දැමීමත් සමග මෙම තීරණය ගෙන තිබේ.
ඒ අනුව අද මධ්‍යම රාත්‍රියෙන් පසු රොටි, පරාටා සහ කෙටි ආහාර ඇතුළු පිටි ආශ්‍රිත ආහාර මිල ගණන් ඉහළ යනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here