ප්‍රදේශ කිහිපයකට අද ඉර මුදුන් වෙයි. දිවයිනේ කොටසකට වැසි සහ තද සුළං

0
12

සූර්යයා දකුණට ගමන් කිරීමේ දෘශ්‍ය චලිතය හේතුවෙන් අගෝස්තු 28 සිට සැප්තැම්බර් 07 දක්වා ශ්‍රී ලංකාවට ආසන්න අක්ෂාංශවලට සෘජුවම ඉහළින් සූර්යයා පිහිටන අතර, ඒ අනුව අද (29) දහවල් 12:11ට පල්ලවරායන්කඩ්ඩු, අක්කරයන්කුලම්, අරිවියල් නගර්, පුදුකුඩිඉරිප්පු සහ අනන්තපුරම් යන ප්‍රදේශවලට ඉර මුදුන් වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මේ අතර අද දිනයේ බස්නාහිර, සබරගමුව, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය යන ප්‍රදේශවල විටින් විට වැසි ඇතිවිය හැකි අතර වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ද, ඌව පළාත, අම්පාර, මඩකලපුව සහ හම්බන්තොට යන ප්‍රදේශවල පස්වරු 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණයක් පැවතුණ ද මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්, උතුරු, උතුරු-මැද, වයඹ පළාත් මෙන්ම ත්‍රිකුණාමලය, මොණරාගල, හම්බන්තොට සහ මාතලේ යන දිස්ත්‍රික්කවල පැයට කිලෝමීටර් 40-50 දක්වා වන තද සුළං ඇතිවිය හැකි බැවින්, ගිගුරුම් සහිත වැසි සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පූර්වාරක්ෂිත පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here