ශ්‍රී ලංකා කණ්ඩායමට ඉන්දීය නායක ශුබ්මන් ගිල්ගෙන් පැසසුම්

0
11

ශ්‍රී ලංකාවට එරෙහිව පූර්ණ තරගාවලි ජයක් ලැබීමේ ඉලක්කය සාක්ෂාත් කරගැනීමට සෑම උත්සාහයක්ම දැරුවද, තරගයේ ගමන තමන් වෙත හරවා ගැනීමට නොහැකි වූ බව ඉන්දීය නායක ශුබ්මන් ගිල් ප්‍රකාශ කළේය. කොළඹ SSC ක්‍රීඩාංගණයේදී අවසන් වූ දෙවන ටෙස්ට් තරගයේදී, ඉන්දීය පළමු ඉනිමේ ලකුණු 503/9 ට පිළිතුරු ලෙස ලකුණු 213 ක් පිටුපසින් සිටිමින් (follow-on) දෙවන ඉනිම ඇරඹූ ශ්‍රී ලංකා කණ්ඩායම, අවසන් දිනය නිමා වන විට කඩුලු 9 ක් දැවී ලකුණු 429 ක් රැස්කරමින් ලකුණු 216 ක පූර්ණ පෙරමුණක් ගැනීමට සමත් විය.

ඉනිම් දෙකේදීම ශතක ලබාගනිමින් පරාජය හමුවේ විශිෂ්ට අභියෝගයක් එල්ල කළ සෝනල් දිනූෂගේ සටන්කාමී ඉනිම හේතුවෙන් තරගය ජය පරාජයෙන් තොරව අවසන් වූ අතර, නායකයන් දෙදෙනාගේ එකඟතාවයෙන් තරගය නිමා කරන විට ගාල්ලේ පැවැති පළමු තරගය ජයගෙන සිටි ඉන්දියාව තරගාවලිය 1-0 ක් ලෙස ජයගත්තේය.

තරගයෙන් අනතුරුව අදහස් දක්වමින් ශුබ්මන් ගිල් සඳහන් කළේ පන්දුවාර 150 ක් පමණ යවමින් ජයග්‍රහණය උදෙසා කළ හැකි උපරිමය කළ බවත්, කාලගුණය සහ තීරණ පිළිබඳ කුමන අදහස් පැවතියද ප්‍රතිවාදීන් නැවත තරගයට පිවිසි ආකාරය අගය කළ යුතු බවත්ය. ශ්‍රී ලංකා පිතිකරුවන් දැක්වූ මෙම නොපසුබස්නා උත්සාහය හමුවේ අවසානයේ ජයගත්තේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here