ශ්‍රී ලංකාවෙන් නේපාලයට ඇමරිකානු ඩොලර් මිලියන 1ක මානුෂීය ආධාර.

0
6

ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හටගත් නායයෑම්වලින් දැඩි ලෙස විපතට පත් වූ නේපාලයට, හදිසි මානුෂීය සහ සහන සේවා කටයුතු සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 1ක මූල්‍ය ආධාරයක් ලබා දීමට ශ්‍රී ලංකා රජය තීරණය කර ඇත.

විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි මෙම මුදල් ප්‍රතිපාදන වෙන් කිරීමට පියවර ගෙන ඇති බවයි.

මෙම ස්වාභාවික ව්‍යසනය හේතුවෙන් ජීවිත අහිමි වූ සහ අසරණ වූ පවුල් වෙනුවෙන් ජනාධිපතිවරයා ශ්‍රී ලංකා රජය සහ ජනතාව වෙනුවෙන් සිය ගැබුරු ශෝකය ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලංකාව සහ නේපාලය අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය හා සහෝදරත්වය සිහිපත් කළ ජනාධිපතිවරයා, මෙවැනි අභියෝගාත්මක අවස්ථාවක විපතට පත් වූ ජනතාවට ක්ෂණික සහන සැලසීම සඳහා මෙම ආධාරය උපකාරී වනු ඇති බව අවධාරණය කළේය.

මේ අතර, විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පසුගිය බ්‍රහස්පතින්දා නේපාල විදේශ අමාත්‍ය ශිෂීර් ඛානාල් (Shisir Khanal) මහතා සමඟ දුරකථනයෙන් සම්බන්ධ වී ශ්‍රී ලංකාවේ කණගාටුව සහ සහයෝගීතාව පළ කර තිබේ. නේපාලයේ පුනරුත්ථාපන සහ සහන සැලසීමේ ඉදිරි කටයුතු සඳහා ද දිගටම සහය ලබා දීමට ශ්‍රී ලංකාව සූදානමින් සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here