බුදුරජාණනන් වහන්සේ රාහුල තෙරණුවන්ට රාහුලෝ වාද සුත්‍රය දේශනා කිරීම ඇතුළු ඓතිහාසික සිදුවීම් රැසක් සිදුවූ නිකිණි පුර පසළොස්වක පොහොය අදට (27) යෙදී තිබේ. එහිදි රාහුල තෙරණුවන් රහත්භාවයට පැමිණ ඇති බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් වේ.
ධර්ම භාණ්ඩාගාරික ආනන්ද හිමියන්ගේ මූලිකත්වයෙන් පළමු ධර්ම සංගායනාව පවත්වනු ලැබුවේ අද වන් පොහොය දිනයකයි.
නිකිණි පොහොය නිමිත්තෙන් දිවයින පුරා වෙහෙර විහාරස්ථානවල අද දිනයේ ආගමික වැඩසටහන් රැසක් සංවිධානය කර තිබේ.
මේ අතර මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර අද රාත්‍රී වීථි සංචාරය කිරීමට නියමිතව තිබේ.
ඒ අනුව අද පස්වරු 6.43ට යෙදී ඇති සුබ නැකතින් පෙරහැර වීථි සංචාරය ආරම්භ කිරීමට නියමිතයි.

