​42 වන ජාතික මීලාද්-උන් නබි රාජ්‍ය මහෝත්සවයට සමගාමීව පවත්වන ලේ දන්දීමේ කඳවුර නියෝජ්‍ය කථානායකතුමා නිරීක්ෂණය කරයි.

0
10

​42 වන ජාතික මීලාද්-උන් නබි රාජ්‍ය මහෝත්සවයට සමගාමීව සංවිධානය කරනු ලබන ප්‍රජා සත්කාරක වැඩසටහන් මාලාව අද (අගෝස්තු 22) මීගමුව, පෝරුතොට ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ විය.

​බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සහ මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරන මෙම සැමරුම් මාලාවේ සමාරම්භය පෝරුතොට ප්‍රධාන ජුම්මා දේවස්ථානයේ පැවැත්වුණු ආගමික වතාවත්වලින් අනතුරුව සිදුවිය.

​අනතුරුව, ගරු නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතාගේ ප්‍රධානත්වයෙන්, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුනීර් මුලෆ්ෆර් මහතා, සහ ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍යය සුගත් තිලකරත්න මහත් ඇතුළු ආරාධිතයන්ගේ සහභාගීත්වයෙන්, අල්-ෆලාහ් මහා විද්‍යාල පරිශ්‍රයේ සංවිධානය කර තිබූ ලේ දන්දීමේ කඳවුරේ කටයුතු සොයා බලා නිරීක්ෂණය කරන ලදී.

​එම අවස්ථාවේදී, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලෆ්ෆර් මහතා කළ විශේෂ ඉල්ලීමකට අනුව, බේරුවල පදිංචි ව්‍යාපාරික අබ්දුල් ලතීෆ් හාජියාර් මහතා විසින් අල්-ෆලාහ් මහා විද්‍යාලයේ දූ දරුවන් වෙනුවෙන් නවීන ස්මාර්ට් බෝඩ් (Smart Board) යන්ත්‍රයක් පරිත්‍යාග කිරීම ද සිදු විය.

​මෙම අවස්ථාව සඳහා ගරු නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතා, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලෆ්ෆර් මහතා, ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහතා, මීගමුව මහා නගර සභාවේ උප නගරාධිපතිතුමන් ඇතුළු ප්‍රාදේශීය දේශපාලන අධිකාරිය, මව්ලවිවරුන්, සිවිල් සංවිධාන නියෝජිතයින් සහ ප්‍රදේශවාසීන් විශාල පිරිසක් සහභාගී වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here