බංග්ලාදේශ බන්ධනාගාරවල ධාරිතාව මෙන් දෙගුණයක රැඳවියන්. මානව හිමිකම් හා සෞඛ්‍ය අර්බුදයක් මතුවෙයි

0
9

බංග්ලාදේශයේ පිහිටි බන්ධනාගාර 75 තුළ පවතින දැඩි ඉඩකඩ මදිකම හමුවේ රැඳවියන් දහස් ගණනක් අතිශය දුෂ්කර තත්ත්වයන් යටතේ පසුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. සමස්ත බන්ධනාගාර පද්ධතිය තුළම රඳවා තැබිය හැක්කේ රැඳවියන් 45,186 දෙනෙකු පමණක් වුවද, මේ වන විට ධාරිතාව මෙන් දෙගුණයකට ආසන්න සංඛ්‍යාවක් එනම් රැඳවියන් 98,233 දෙනෙකු එහි රඳවා සිටින බව අනාවරණය වී තිබේ. මෙම බරපතළ වාතාවරණය පිළිබඳව එරට ස්වදේශ කටයුතු අමාත්‍යවරයා ද මීට පෙර පාර්ලිමේන්තුවේදී පිළිගෙන තිබුණි.

මෙලෙස අධික ලෙස රැඳවියන් පිරී ඉතිරී යාම මූලික මානව හිමිකම් බරපතළ ලෙස උල්ලංඝනය කිරීමක් බැවින්, බන්ධනාගාර පද්ධතියේ කඩිනම් ප්‍රතිසංස්කරණ සිදුකිරීමේ අත්‍යවශ්‍යතාව ජාත්‍යන්තර සංවිධාන විසින් පෙන්වා දී ඇත.

මීට අමතරව, බන්ධනාගාර තුළ සෞඛ්‍ය පහසුකම් සපයා ගැනීමට නොහැකි වන පරිදි දැඩි වෛද්‍ය හිඟයක් ද පවතින අතර, එහි ප්‍රතිඵලයක් ලෙස පසුගිය වසරේදී පමණක් රැඳවියන් 187 දෙනෙකු සහ මෙවර වසරේ මේ දක්වා කාලය තුළ රැඳවියන් 122 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here