දිවයින පුරා PHIලා ඩෙංගු මර්දන රාජකාරියෙන් ඉවත්වෙයි

0
14

කටුනායක ගුවන්තොටුපොළ සෞඛ්‍ය කාර්යාලයේ ජ්‍යෙෂ්ඨතම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා අත්තනෝමතික ලෙස ස්ථානමාරු කිරීමට විරෝධය පාමින්, අද (20) සිට දිවයින පුරා සියලුම ඩෙංගු මර්දන කටයුතුවලින් ඉවත් වීමට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පියවර ගෙන තිබේ.

ඊයේ (19) රාත්‍රියේ රැස්වූ සංගමයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් මෙම තීරණය ගත් බව එහි ප්‍රධාන ලේකම් චමිල් මුතුකුඩ මහතා ප්‍රකාශ කළේය. ඊට අමතරව, හෙට (21) දිනයේදී දිවයින පුරා සංකේත වැඩවර්ජනයක නිරත වීමටද ඔවුන් සැලසුම් කර ඇත.

මෙම තීරණය සහ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග පිළිබඳව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය මඟින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත යොමු කරන ලද නිල ලිපිය පහතින් දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here