සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් සහ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් තහවුරු නොකළ අසත්‍ය කරුණු ප්‍රචාරය කළ පුද්ගලයෙකු ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ ඊයේ (18) දින මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි. අක්කරායන්කුලම් පොලිස් බලප්‍රදේශයට අයත් පලෙයි රක්ෂිතයේ එල්ටීටීඊ (LTTE) පුහුණු කඳවුරක් පවත්වාගෙන යන බවට අසත්‍ය හා නොමඟ යවන සුළු තොරතුරු සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කිරීම මෙම පුද්ගලයාට එරෙහිව ඇති චෝදනාවයි.
අත්අඩංගුවට ගත් සැකකරු බොරලැස්ගමුව, බෙල්ලන්විල ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි වියේ පසුවන්නෙකි.
ඔහු අද දින කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, දණ්ඩ නීති සංග්‍රහය සහ පොලිස් ආඥා පනත යටතේ මොහුට එරෙහිව ඉදිරි නීතිමය පියවර ගැනීමට නියමිතව ඇත.

