පන්දු රකිමින් සිටියදී චන්දිමාල්ට ආබාධයක්. ශ්‍රී ලංකා පිලට අලුත් ආදේශකයක්

0
9

ඉන්දියාවට එරෙහි ටෙස්ට් තරගයේ සිව්වන දිනයේ පන්දු රකිමින් සිටියදී ආබාධයකට ලක්වූ දිනේෂ් චන්දිමාල් වෙනුවට පසිඳු සූරියබණ්ඩාර ආදේශක ක්‍රීඩකයෙකු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට එක් කර තිබේ.

අදාළ ආදේශ කිරීම සඳහා තරග තීරකවරයාගේ අනුමැතිය ද හිමිව ඇත.

තරගයේ සිව්වන දිනයේ පළමු සැසියේදී පන්දුව රැකගැනීමට උත්සාහ කිරීමේදී චන්දිමාල්ගේ උරහිස සහ හිස තදින් පෘෂ්ඨයේ ගැටීම හේතුවෙන්, ආරක්ෂිත පියවරක් ලෙස ඔහුව වහාම ස්කෑන් පරීක්ෂණයකට යොමු කෙරිණි. එහිදී ඔහුට අභ්‍යන්තර වශයෙන් කිසිදු බරපතල හානියක් සිදුවී නොමැති බව තහවුරු වී තිබේ.

කෙසේ වෙතත්, ක්‍රීඩාංගණය තුළදීම කණ්ඩායම් වෛද්‍යවරයා සහ භෞතචිකිත්සකවරයා විසින් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලැබීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here