ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට නව ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත’ පාර්ලිමේන්තුවට

0
4

1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත වෙනුවට නව ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත’ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවකට අනුව මෙම පියවර ගෙන ඇත.

පවතින පනතේ පවතින අඩුපාඩු සපිරීම සඳහා තාක්ෂණික විශේෂඥ කමිටුවක් මඟින් මුලින් සකස් කරන ලද කෙටුම්පත පදනම් කරගනිමින්, නව පනතක් හඳුන්වා දීමට 2026 අගෝස්තු 10 වැනිදා පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ප්‍රතිපත්තිමය අනුමැතිය හිමි විය.

නීති කෙටුම්පත් සම්පාදකවරයා විසින් සකස් කරන ලද අදාළ පනත් කෙටුම්පත සඳහා මේ වන විට නීතිපතිවරයාගේ නිෂ්කාශනය ද ලැබී තිබේ. ඒ අනුව මෙම කෙටුම්පත ඉදිරියේදී රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමෙන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here