හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා අද (18) උදෑසන එම කොමිසම හමුවේ පෙනී සිටීමෙන් පසු හිටපු අමාත්‍යවරයාව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
ජාතික රූපවාහිනි සංස්ථාවේ අනුමත කාර්ය මණ්ඩල සීමාව ඉක්මවමින් අතිරේක සේවකයන් 6 දෙනෙකු බඳවාගෙන රජයට මූල්‍යමය පාඩුවක් සිදුකිරීමේ චෝදනාව මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

