ඉන්දුනීසියාවේ ෆ්ලොරෙස් හි යළිත් රික්ටර් මාපක 5.9ක භූකම්පනයක් මරණ සංඛ්‍යාව 47 දක්වා ඉහළට

0
7

පසුගිය 15 වැනිදා සිදුවූ රික්ටර් මාපක 7.7ක ප්‍රබල භූකම්පනයෙන් සහ පසුකම්පන මාලාවෙන් පසු, ඉන්දුනීසියාවේ ෆ්ලොරෙස් (Flores) කලාපය ආශ්‍රිතව අද (17) අලුයම ද රික්ටර් මාපක 5.9ක අගයකින් යුත් තවත් භූකම්පනයක් හටගෙන තිබේ. ජර්මානු භූ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය (GFZ) මේ බව තහවුරු කරයි.

මෙම ස්වාභාවික ආපදා තත්ත්වය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 47 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තුවාල ලැබූ විශාල පිරිසක් රෝහල්ගත කර ඇත. පීඩාවට පත් ජනතාව වෙනුවෙන් පිහිටුවා ඇති සහන කඳවුරුවල 9,200කට අධික පිරිසක් තාවකාලිකව නවාතැන් ගෙන සිටිති.

ආපදාවත් සමඟ ප්‍රදේශයේ සංචාරක කලාප වෙත පනවා තිබූ සීමාවන් තවදුරටත් බලපැවැත්වෙන අතර, ඉන්දුනීසියානු වරාය අධිකාරිය විසින් නෞකා සහ සමුද්‍රීය ප්‍රවාහන කටයුතු ද අත්හිටුවීමට පියවර ගෙන තිබේ.

විදුලි බල සැපයුමට එල්ල වූ බාධා ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්කරමින් පවතින බවත්, බලධාරීන් අඛණ්ඩව සහන සේවා මෙහෙයවන බවත් වැඩිදුරටත් වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here